බලංගොඩ නගරයේ ඇති ඉන්ධන පිරවුම්හලෙන් නිකුත් කළ ඩීසල් ලබාගත් බස් සහ ලොරි රථ කිහිපයක් පෙරේදා රාත්‍රියේ අතරමග නතර වී තිබුණා.
එම ඉන්ධන පිරවුම්හල අයත් බලන්ගොඩ සමූපකාර සමිතියේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් අයි.ඕ.සී. සමාගමේ නිලධාරීන් දැනුවත් කිරිමෙන් අනතුරුව ඉන්ධන පිරවුම්හලේ ඇති ඩීසල් තොග සහ අතරමග නතර වූ වාහනවල ඩීසල් පරීක්ෂාවට ලක් කර ඇති බවත් එහිදී එම ඩීසල් වලට ජලය මිශ්‍ර වි ඇති බවට එම පරික්ෂණ වලින් තහවුරු වෙන බව පරික්ෂණ කණ්ඩායම පවසා තිබෙනවා.
එහිදී ඩීසල් ටැංකියට ජලය මිශ්‍රකර ඇති බවට සොයාගෙන ඇති අතර, චෝදනා හේතුවෙන් ඉන්ධන පිරවුම්හලේ සේවයෙන් ඉවත් කළ එහි හිටපු කළමනාකරු ඇතුළු පිරිසක් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව කල බවට සමූපකාර සමිතියේ කළමනාකාරීත්වය සැක මතු කරනවා.
මෙම ගැටලුව හේතුවෙන් එම ඉන්ධන පිරවුම්හලෙන් ඩීසල් නිකුත් කිරිම පැය කිහිපයකට නවතා දමා තිබුණා.
මේ වන විට ජලය මිශ්‍ර වී තිබුණු ඩීසල් ටැංකියේ ඩීසල් ඉවත් කර ටැංකිය මුළුමනින්ම පිරිසිදු කර ඉන්ධන බෙදාහැරීම අරඹා තිබෙනවා.

