Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනියම් පෙම 27 හැවිරිදි දෙදරු මවට මරු කැඳවයි

3 years ago

සීදූව ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළදී 27 හැවිරිදි දෙදරු මවක් පෙරේදා (13) රාත්‍රියේ ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක්ව තිබුණේ අනුරාධපුර, පමුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවකි.

ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සැක කරන්නේ ඇය කලක සිට අනියම් ඇසුරක් පැවැත්වූ බවට සැකකෙරෙන 22 හැවිරිදි තරුණයෙක්.

එම තරුණයා සීදුවේ පිහිටි කාන්තාව ජීවත් වූ මෙම බෝඩිං කාමරයට අවස්ථා කිහිපයක දීම පැමිණ ඇති බව මූලික පරීක්ෂණ වල දි අනාවරණය වී තිබෙනවා.

ඝාතන සිද්ධියෙන් පසු බෝඩිං කමාරයට ගිය පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබුණේ තොණ්ඩුවක් ද එම කාමරය තුළ සකසා තිබූ ආකාරයයි. ඝාතනයෙන් පසු සැකකරු ද සිය දිවි නසා ගැනීමේ සූදානමක් තිබෙන්නට ඇතැයි පොලිසිය සැක පල කරනවා.

ඝාතනය සිදු වූ 13 වැනිදා රාත්‍රියේ මෙම කාමරයේ සිටි සැකකරු ඉන් පිටව ගොස් ඇත්තේ පසුදින උදෑසන බවට බෝඩිං කාමරයේ හිමිකරු දැක තිබෙනවා.

ඝාතනයෙන් පසු සැකකරු තම මිතුරෙකුට දුරකතන ඇමතුමක් දී තමන් එම කාන්තාව ඝාතනය කල බවට සිද්ධිය පාපොච්චාරණය කර තිබෙනවා.

මරණයට පත් වූ කාන්තාවගේ සැමියා කොළඹ පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙක්.

සැකකරු මේවන විට සීදූව පොලිසිය විසින් හඳුනා ගෙන ඇති අතර ඔහුව අත් අඩ්ංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි. (source – monara)