Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුතාගේ සෙල්ලම නිසා තාත්තට පහරදීලා! පහර කෑ පියා රෝහල්ගත කරයි!

3 years ago

මිනුවන්ගොඩ බෝගස අසලදී ඊයේ හවස 06.30ට පමණ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මිනුවන්ගොඩ රෝහල් ගත කිරීමෙන් පසු ගම්පහ දිස්ත්‍රික් රෝහලට යවා ඇති බව පුවතක් වාර්තාවේ.

මීට හේතුව වී ඇත්තේ පහර කෑ පුද්ගලයාගේ දරුවා සෙල්ලම් කරන විට බෝලය වෙනත් වෙළඳසලක වැදි පුතාව මිනුවන්ගොඩ ඔරලෝසු කණුවේ එල්ලනවා කියා පහරදුන් පුද්ගලයා කියා ඇත.

ඉන් පසු සෙල්ලං කර හිටපු දරුවාගේ මව පහර දුන් පුද්ගලයාගෙන් මෙම සිද්ධිය සම්බන්ධව අසා ඇත.

ඉන් පසු දරුවාගේ මවටද සෙරෙප්පුවෙන් පහර දී ඇති බව මව මිනුවන්ගොඩ පොලිසියේ ප්‍රකාශ කර ඇත.

දරුවාගේ මවට පහර දෙන හැටි දරුවාගේ පියා දැක එය බේරීමට ගිය විට තවත් පුද්ගලයින් හතර දෙනකු අල්ලා දරුවාගේ පියාට පපුව ප්‍රදේශයට සහ ඔලුවට පහරදී ඇති බව මිනුවන්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් කරන ලදී.

ඉන්පසු පහර කෑ පුද්ගලයා මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහලට යවා ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

පහර දුන් පුද්ගලයාත් මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව මිනුවන්ගොඩ පොලිස් ස්ථානය ප්‍රජා පොලිස් අංශයේ ස්ථානාධිපති චන්ද්‍රසිරි මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිණුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.(source – newscenter)