Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේශබන්දුගේ පත්වීමට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි

3 years ago

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම අභියෝග කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමට දින නියම කර තිබෙනවා.

ඒ අනුව එය අප්‍රේල් මස දෙවැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කැඳවීමට නියමිතයි.

අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණේ, මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය විසින්.

දේශබන්දු තෙන්නකෝන් මහතා ව පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සඳහා‌ ජනාධිපතිවරයා විසින් සිදු කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමත කර නොමැති බව අදාළ පෙත්සමෙහි සඳහන්.