පකිස්තානයේ හිටපු වේග පන්දු යවන්නෙක් වූ අකීබ් ජාවේඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.
1992 දී ලෝක කුසලානය දිනූ පකිස්තානු කණ්ඩායමද නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන අකීබ් වසර 10ක පමණ තරග කාලයකින් අනතුරුව ක්‍රීඩා දිවියට සමු දුන්නේය.
ක්‍රීඩා දිවියට සමු දෙන විට අකීබ් ටෙස්ට් කඩුුලු 54 ක් සහ එක්දින ජාත්‍යන්තර කඩුලු 182ක් තම නම ඉදිරියේ සටහන් කරගන් ගැනීමට සමත්ව සිටියේය.
ඉන් අනතුරුව පුහුණුකරුවෙකු ලෙසින් කටයුතු කිරීම ඇරඹූ ඔහු ඒ තුළද සාර්ථක විය.
ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ පකිස්තානයට අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය දිනා ගැනීමටද හැකි විය.
එමෙන්ම එක්සත් අරාබී එමීර් රාජ්‍යයට 2016 දී ලෝක කුසලාන එක්දින තරගාවලිය නියෝජනයට අවශ්‍යය සුදුසුකම් ලබා ගැනීමට ද සමත් වූයේද අකීබ්ගේ පුහුණුකාරිත්වය යටතේය.

