Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජල සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලීමක්

3 years ago

පවතින වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර, කෑගල්ලේ සහ කුරුණෑගල පවුල් තුන්දහසකට දැනටමත් පානීය ජල ගැටලු ඇති බවට වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.

වියළි කාළගුණයත් සමග ජල පරිභෝජනය 15%ක පමණ අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි අනෝජා කලුආරචිචි කියා සිටියේ, මේ වනවිට ජල සම්පාදන ක්‍රම 06 කින් ජලය නිකුත් කරනු ලබන්නේ මුරක්‍රමයට බවයි.

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද ඇය ඉල්ලා සිටියා.