දුම්වැටි භාවිතය සඳහා දිනකට මෙරට පුද්ගලයන් රුපියල් මිලියන 520ක් (කෝටි 52ක්) වැය කරන බවත් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
එමෙන්ම දුම්පානය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 50ක් අකාලයේ ජීවිතක්ෂයට පත්වන බව එම මධ්‍යස්ථානය පවසනවා.
ලොව සිදුවන මරණ අතුරින් බෝනොවෙන රෝගවලින් සිදුවන මරණ ප්රමුඛ වන අතර ශ්‍රී ලංකාවේ සිදුවන මරණ අතුරින් 83%ක් බෝනොවන රෝග නිසා සිදු වන බවයි වාර්තා වන්නේ.
මෙරටද බෝ නොවන රෝගඇති කරන ප්‍රධානතම සාධක හතර අතුරින් දුම්වැටි භාවිතය ප්රමුඛ සාධකයක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පෙන්වා දී ඇතැයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

