Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සම ගැන අවධානයෙන් සිටින්න! චර්ම රෝග ඇතිවීමේ අවදානමක්!

3 years ago

චර්ම රෝග ඇති වීමේ අවදානමක්

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

එම වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ හිරු එළිය සම මතට සෘජුවම පතිත වීම හේතුවෙන් සමෙහි යම් යම් වෙනස්කම් ඇතිවිය හැකි බවයි.

මෙහි ආසාදිත තත්වයන් ලෙස සම මත සුදු පැහැති ලප ඇතිවීම, දහඩිය දැමීම හේතුවෙන් සැරව බිබිලි තත්ත්වයක් ඇතිවීම, දහඩිය වැඩි වශයෙන් එකතුවන ස්ථානවල රවුම් හැඩැති දිලීර තත්වයක් ඇතිවීම, සම කැසීමකට ලක්වීම ආදිය හඳුනාගත හැකිය.

එමෙන්ම සම හිරු එළියට නිරාවරණය වීමත් සමග සම පිළිස්සීමකට ලක්වීමේ ස්වභාවයක් දැකගත හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

සෞඛ්‍ය අංශ වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ සම හිරු එළියට සෘජුව නිරාවරණය කිරීමෙන් වළකින ලෙසයි.