Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු හිඟයට පිළියම් ලෙස තාවකාලික පදනමින් ගුරුවරුන් බඳවා ගැනීමට තීරණයක්

3 years ago

මධ්‍යම පළාතේ ඇතැම් කලාපවල , සිංහල මාධ්‍ය පාසල්වල පවතින උග්‍ර ගුරු හිගයට පිළියමක් ලෙස විශ්‍රාමික ගුරුවරුන් හා රජයේ විශ්ව විද්‍යාලවල රැකියා විරහිත උපාධිධාරීන් තාවකාලික පදනම මත බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින විශ්‍රාමික ගුරුවරුන්ට හා රැකියා විරහිත උපාධිධාරීන් අද පෙරවරුවේ නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පැමිණෙන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී එල් අබේරත්න මධ්‍යම පළාතේ විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබූ බවයි වාර්තා වන්නේ.

එම බඳවාගැනීම් තාවකාලික පදනමින් සිදු කරන බවද දනුම් දී තිබෙනවා.