Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රභූන් රැසකගේ ආරක්ෂාව ඉවත් කිරීමට සැරසෙයි

3 years ago

ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නොතිබියදීත් ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ලබාදී ඇති දේශපාලනඥයන්, ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන් සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා රාජ්‍ය බුද්ධි සේවයට දැනුම් දී තිබෙනවා.

දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට අනවශ්‍ය ආකාරයට ලබාදී ඇති පොලිස් නිලධාරීන් ළඟදීම ඉවත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

පොලිස් නිලධාරීන් පන්දහසකට ආසන්න පිරිසක් ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් නොමැති අනවශ්‍ය පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පොලිසියේ සාමාන්‍ය රාජකාරී සඳහා පොලිස් නිළධාරීන්ගේ හිඟයක් මතුව ඇති බවද වාර්තා වනවා.