මදුරන්කුලිය විරුතොඩේ ප්‍රදේශයේදී ළිඳකට වැටී දියේ ගිලීමෙන් දැරියක් මියගොස් තිබෙනවා.
පුත්තලම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එම දැරිය මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ 06 හැවිරිදි විරුතොඩේ මදුරන්කුලි ප්‍රදේශයේ පදිංචිව සිටි කුඩා දැරියක්.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම දැරිය පසුගිය 15 වනදා උදෑසන කාලයේ සිය නිවස අසල පිහිටි ළිඳෙන් පනිට්ටුවක් ආධාරයෙන් වතුර ගැනීමට යාමේදී ළිඳට වැටී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මදුරන්කුලිය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

