Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරුවන්ගේ කුස පුරවන්න එතෙරට ගිය සෙව්වන්දිට අත් වූ ඛේදනීය ඉරණම

3 years ago

ජීවිතය පිළිබඳ දහසක් බලාපොරොත්තු පොදි බැඳ මැදපෙරදිග ගෘහ සේවයට යන ඇතැම් ශ්‍රී ලාංකීය කාන්තාවන් අමානුෂික වද හිංසාවන්ට ලක්වීමේ පුවත් නිරන්තරයෙන් අසන්නට ලැබීම ඛේදවාචකයකි.

එලෙස වද හිංසාවන්ට ලක්ව කුවේට් රාජ්‍යයේ තනිවූ ශ්‍රී ලාංකික මවක් පිළිබඳ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තාවන්නේ මනම්පිටිය මහවැව ප්‍රදේශයෙනි.

ඇය සෙව්වන්දි මහේෂිකා ජයවීර.

ආර්ථික අර්බුදවලින් මිරිකී සිටින සිය පවුල ඉන් මුදාගැනීම සඳහාත්, ස්ථිර නිවසක් ඉදිකරගැනීම සහ දරු තිදෙනාට විධිමත් අධ්‍යාපනයක් ලබාදීමත් අරමුණු කරගනිමින් සෙව්වන්දි කුවේට්හි ගෘහ සේවයට ගොස් ඇත්තේ මීට මාස තුනකට පෙරයි.

එතැන් සිට සෙව්වන්දිගේ දරුවන් රැකබලා ගැනීම ඇගේ මවට භාර වී ඇති අතර සිය බිරිඳ යළි පැමිණෙන තුරු නිවසේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉෂාර රැකියාවක් ලෙස සිදුකරන්නේ යකඩ බාල්දි නිෂ්පාදනයයි.

කෙසේවෙතත් සිය පුංචි කැදැල්ලේ අනාගතය පිළිබඳ සෙව්වන්දි තැබු බලාපොරොත්තු සියල්ලට මේවන විට නැවතීමේ තිත වැටී ඇත්තේ ඇයට සේවය කිරීමට සිදුවූ නිවසේ හාම්පුතුන්ගේ විවිධ වද හිංසාවන්ට ලක්වන්නට සිදුවීම හේතුවෙනි.

උද්ගතවී ඇති තත්ත්වය හමුමේ සිය බිරිඳ යළි මෙරටට ගෙන්වා ගැනීම ඉෂාරගේ අරමුණ වී ඇතත් ඊටද මූල්‍යමය බාධා එල්ල වී තිබේ.

තම බිරිඳට අත්ව ඇති ඛේදනීය ඉරණමෙන් ඇයව මුදාගැනීමට සහාය වන ලෙස ඉෂාර සරච්චන්ද්‍ර වගකිවයුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටී. (source – ada derana)