දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයකු විසින් තම පුත්‍රයාට පහරදී දින පහක් රෝහල් ගත කර සිටි නමුත් පල්ලෙවෙල පොලිසිය විසින් පහර දුන් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තේ නැති බවට පහර කෑ සිසුවාගේ මව චෝදනා කරනවා
මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 11 වනදා සිසුවා පාසල නිම වී නිවාසට පැමිණෙමින් සිටින අතරතුරේදීයි.
පල්ලෙවෙල පොලිසිය පවසා සිටියේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මෙම පහර කෑමට ලක්ව ඇත්තේ මීරිගම බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙක්.
බාඳුරාගොඩ නගරයේදී මෙම පහරදීම සිදුකර ඇති බවට මව විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
අදාල සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ සංවර්ධන නිලධාරිණියකට ඉන්ධන පිරවුම් හලකදී පහර දීමක් සම්බන්ධවද පල්ලෙවෙල පොලිසිය විසින් එවකට අත්අඩංගුවට ගැනුණා.

