Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය නිළි මහේෂි මධුසංඛාට වැඩ වරදින ලකුණු! හිරු නාලිකාව හා එහි හිමිකරු මිලියන 2000ක වන්දියක් ඉල්ලයි!

3 years ago

හිරු TV ආයතනයට සහ එහි සභාපති රේනෝ සිල්වා මහතාට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් මහේෂි මදුශංකා නැමැති රංගන ශිල්පිනියට එන්තරවාසි භාරදීමට හිරු TV සහ රෙනෝ සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සමාගමක් කටයුතු කර තිබෙනවා.

හිරු TV ආයතනයේ වැඩසටහනක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පළ කළ වීඩියෝවක් මූලික කරගනිමින් මහේෂි මදුශංකා ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.

එම ප්‍රකාශය මඟින් , හිරු TV හි කීර්ති නාමයට සිදුව ඇති හානිය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් සහ රේනෝ සිල්වා මහතාගේ කීර්ති නාමයට සිදුව ඇති අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දි මුදල් ඉල්ලමින් මෙම එන්තරවාසි භාර දීමට පියවර ගෙන තිබෙනවා.

හිරු මාධ්‍ය ජාලයේ සමාජ මාධ්‍ය ගිණුම් තුළ පළ වූ වීඩියෝවක් හරහා තරුණයෙකු අපහසුතාවට පත් වූ බව පවසමින් මහේෂි මදුශංකා ප්‍රකාශයක් සිදු කර තිබූ අතර ඇය එහිදී පවසා සිටියේ ඒ හේතුවෙන් අදාළ තරුණයා සිය දිවි නසාගැනීමට පවා පෙළඹිය හැකි බවයි.

ඉන් දින කිහිපයකට පසුව ඇය විසින් තම ජීවිතයට තර්ජන ඇති බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ඇය නැවත වරක් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදවා හරිමින් හිරු නාලිකාවේ හිමිකරුගේ හා ඔහුගේ බිරිඳගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු සඳහන් කරමින් විවේචනයක් සිදු කර තිබුණි.

කෙසේවෙතත්, එම සිදුවීමට පාදක වූ තරුණයා පසුව සිය පුද්ගලික ෆේස්බුක් ගිණුමේ සජීව වීඩියෝවක් පළ කරමින් පවසා සිටියේ තමන් සියදිවි හානිකර ගැනීමට තරම් ළාමක මානසිකත්වයක් ඇති පුද්ගලයෙකු නොවන බවයි.

එමෙන්ම අදාළ නාලිකාවට තමන් දෝෂාරෝපණය නොකළ බවත් ඔහු පෙන්වා දුන්නා.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ පිළිබඳව කිසිවෙකුගේ මැදිහත්වීමක් අපේක්ෂා නොකරන බවයි.