Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වලිගයක් සහිතව උපත ලැබූ පිරිමි දරුවා

3 years ago

වලිගයක් වැනි කොටසක් සහිතව ඉපදුණු පිරිමි දරුවෙක් ගැන පුවතක් චීනයෙන් වාර්තා වෙනවා.

ඔහුගේ එම වලිගය වැනි කොටසේ දිග 10cm පමණ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙය සිදුවන්නේ Tethered Spinal Cord නැමැති රෝගී තත්ත්වය හේතුවෙන් බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

එමෙන්ම මෙම වලිගය වැනි කොටසේ කිසිදු චලනයක් සිදු නොවන බවද වෛද්‍යවරුන් පවසනවා.

මේ තත්ත්වය මත දරුවාගේ පිටුපසින් ඇති මෙම කොටස ඉවත් කරන ලෙස දරුවාගේ මවුපියන් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා.

නමුත් එම කොටස ස්නායු පද්ධතිය හා සම්බන්ධ වී ඇති බැවින් ශල්‍යකර්මයකින් ඉවත් කළහොත් දරුවාට හානියක් වන බවයි වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ.