Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

3 years ago

වව්නියාවේ හින්දු කෝවිලක පුජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභාගර්භයේ දී විරෝධතාවයක නියැලුණි.

ඒ අද (19) උදෑසන නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ අවස්ථාවේදියි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු විරෝධතා පුවරු අතැතිව සභාගර්භය මධ්‍යයේ විරෝධතාවය ආරම්භ කිරීම නිසා මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

මෙම විරෝධතාවය හේතුවෙන් සභාගර්භයේ වැඩකටයුතුවලටද බාධා එල්ල විය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන බව දැනුම්දීමෙන් අනතුරුව විරෝධතාවය නතර කිරීමට එම මන්ත්‍රීවරු කටයුතු කළේය.