Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පවුල් ලක්ෂ 27කට නොමිලේ සහල් ලබාදීමට තීරණයක්

3 years ago

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2023 වසරේ මුල් භාගයේදී දිස්ත්‍රික්ක 25හි සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු පවුල් මිලියන 2.74ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි එක් පවුලක් සඳහා මාසයකට නාඩු සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දීමට නියමිතය.

එලෙස මාස දෙකක කාලයක් සඳහා සහල් ලබාදීමට රජය විසින් පියවර ගෙන ඇත.

රජය පවසන්නේ අඩු ආදායම්ලාභීන්ගේ පෝෂණ මට්ටම පවත්වාගෙන යාමට උපකාරයක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සම්බන්ධ කර ගනිමින් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මෙම වැඩසටහනට ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබේ.