Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මේ දිනවල පැණි බීම පානයෙන් වළකින ලෙස වෛද්‍යවරුන්ගෙන් දැනුම්දීමක්

3 years ago

මේ දිනවල පවතින දැඩි උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් දියර වර්ග වැඩි වශයෙන් පානය කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ජනතාවට දැනුම් දෙනවා.

නමුත් එහි සභාපති ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ සීනි අධිකව අඩංගු පැණි බීම වර්ග පානය කිරීම සුදුසු නොවන බවයි.

අධික උෂ්ණත්වයට ආවරණය වීම හැකිතාක් අඩු කර ගැනීම ඉතා වැදගත් බවත් විජලනය වීම වළක්වා ගැනීම මෙන්ම අධික ලෙස හිරු එළිය පවතින කාලය තුළ සෙවණ ඇති ස්ථානයක සිටීම සුදුසු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.