Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට කාන්තාවන් මුහුණ දෙන කණගාටුදායක ඉරණමක් ගැන සමීක්ෂණයකින් හෙළිවෙයි

3 years ago

ශ්‍රී ලංකාවේ කාන්තාවන් ආර්ථික අර්බුදය හේතුවෙන් සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

කාන්තාවන් සියයට 40ක් පමණ සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවත් සනීපාරක්ෂක තුවා මිල අධික ලෙස ඉහළයෑම හමුවේ සිසුවියන්ගේ පාසල් පැමිණීමද අඩුව ඇති බවද ලංකා ගුරු සංගමය සදහන් කරයි.

වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් සියයට 40ක් සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවත් සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවද පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

වෛද්‍ය දිල්රුක්ෂි සායක්කාර,
“පිරිසිදුකම ගැන කාන්තාවන්ගේ ඒ කාලය තුළදී නොසැළකිල්ලක් තිබුණොත් විෂබීජ නිසා එයාගේ ප්‍රජනන පද්ධතියට දීර්ඝකාලීන හානි සිද්ධවෙන්න පුළුවන්.”

පාසල් සිසුවියක්,
“ඉස්සර 150ට 200ට තිබුණු පැකට් එක දැන් රුපියල් 500ත් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. එච්චර ගණන් ගියපු ඒවා අපිට ගන්න විදියකුත් නෑ. සමහර දවස්වලට අපි ගෙදර නතරවෙලා ඉන්නවා. මොකද ඉස්කෝලේ ගිහිල්ලා ඒ අපහසුතාවයෙන් ඉන්න බැරි නිසා.”

මවක්,
“මම අනන්ත අප්‍රමාණ වෙලාවට රෙදිකෑලි ළමයට හදලා දෙනවා, ඒක මාරුකරගන්නත් අමාරුයි. රජරට මිනිස්සු කියන්නේ ගොවිතැනෙන් ජීවත්වෙන මිනිස්සු අධ්‍යාපනයෙන් තමයි අපේ දරුවන්ට නැගිටින්න පුළුවන් එකම තැන. ජනාධිපතිතුමනි ඔබට වැඳලා කියන්නම්. තේරෙන්න ඕන කාන්තාවගේ දුක.”