Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුවන්තොටුපළේ උණුසුම් තත්ත්වයක්! ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිසා 100දෙනෙකුගේ කොරියානු රැකියා සිහිනය බොඳ වෙයි!

3 years ago

කොරියානු රැකියා සඳහා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සියයක් සඳහා වෙන්කරවාගෙන තිබූ ශ්‍රීලන්කන් ගුවන යානයක් ප්‍රමාද වී අවලංගු කිරීම නිසා ඔවුන්ට නැවත නිවෙස් බලා යාමට පෙරේදා (19) රාත්‍රියේ සිදුවී තිබෙනවා.

ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මැදිහත්වීම මත මෙම ශ්‍රමිකයන් සියදෙනා කොරියාව බලා පිටත්ව යාමට නියමිතව සිට ඇති අතර හදිසියේම ගුවන් යානය ප්‍රමාදවීමත් සමග ගුවන් තොටුපොළේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර අවසානයේ ගුවන් යානය අවලංගුවී මගීන් සියලු දෙනා හැරී ගොස් තිබෙන බව වාර්තා වනවා.

නියමිත වේලාවට මෙම පිරිස යැවීමට නොහැකි වූ නිසා ලබන 3 වැනිදා වනතුරු මෙම කණ්ඩයෙම කොරියාවට නොඑවන ලෙස කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට දැනුම් දී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වනවා.

එම සියදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ හයදෙනෙකුට නැවත කොරියාවට යාමට ඉඩ නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

එම පිරිසට ඒ වන විට නියමිත වයස ඉක්මවා තිබීම හේතුව විය හැකි බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.