Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අල්ලස් කොමිසමේ නිළධාරීන්ට අල්ලස් දුන් වෙන්න ජනපති

3 years ago

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විසින් අල්ලස් හෝ දුෂණ කොමිසමේ නිලධාරීන් වෙත අල්ලස් ලබා දුන් බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා.

ගයාත‍්‍රි බිම්බා නැමැති ජනක රත්නායක මහතාගේ හිටපු පුද්ගලික සහකාරවරිය යැයි කියන කාන්තාවක් අන්තර්ජාල නාලිකාවකදී මේ බව හෙලිකර ඇත.

ඇය විසින් චෝදනා එල්ල කරනු ලබන්නේ සත්‍ය වසන් කරමින් අපරාධකරුවන් ආරක්ෂා කිරීම සඳහා අල්ලස් කොමිසමේ නිළධාරීන්ට ඔහු විසින් අල්ලස් ලබා දුන් බවයි.

තමන්ද ජනක රත්නායක මහතාගේ බලපෑම මත අල්ලස් කොමිසමට ව්‍යාජ සාක්ෂි ලබා දුන් බවත් ඒ සඳහා පැපැවැති බිය දුරු කිරීමට සාක්ෂි ලබාදීමට පෙර එහි නිලධාරියකු ජනක රත්නායක මහතාගේ කාර්යාලයට පැමිණ ඒ සඳහා පුහුණුවක් ලබා දුන් බවද ඇය හෙළිකරයි.

කෙසේ වෙතත් අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් ජනක රත්නායක මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් නීතිමය පියවර ගන්නා ලෙසයි.