Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධික හිරු රශ්මිය නිසා මෙරටින් පුද්ගල මරණයක්

3 years ago

දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ පෝරඹ ප්‍රදේශයේදී පාපැදියෙන් යමින් සිටි අයකු පවතින දැඩි හිරු රශ්මිය දරා ගැනීමට නොහැකිව ඇදවැටී මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ 72 හැවිරිදි සිව්දරු පියෙකු වූ තෙලිජ්ජවිල වල්පිට ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු බවට හදුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.

දීගල ප්‍රදේශයේ පැවති දානමය පිංකමකට සහභාගී වී යලි නිවස වෙත සිය බිරිඳ සමග පාපැදියෙන් ගමන් කරමින් සිට ඇති බවත් මද දුරක් පැමිණෙද්දී පාපැදියේ සුළං බැසීම නිසා බිරිඳ බස් රථයකට නංවා කිලෝමීටරයක පමණ දුරක් පා පැදිය තල්ලුකරගෙන දැඩි අව් රශ්මියේ පැමිණෙමින් සිටි අතරතුර මෙම මරණය සිදුව ඇතැයි මෙතෙක් කළ විමර්ශන වලදී අනාවරණය කර ගෙන ඇති බව පොලිසිය පවසයි. (source – newsi)