දකුණු පළාතේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරි ගුරුවරුන් 3100ක් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරික්ෂණ අවසන් අදියරේ පවතින බව පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ ප්‍රකාශ කළා.
මෑතකාලයේ දකුණු පළාත් සභාව මඟින් එකවර වැඩිම ගුරුවරුන් පිරිසක් බදවාගනු ලබන අවස්ථාව මෙය බවයි ආණ්ඩුකාරවරයා පවසන්නේ.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එමඟින් පළාතේ පාසල්වල පවතින ගුරු හිඟය බොහෝදුරට අවසන් වනු ඇති බවයි.
මෙවර විද්‍යාව,ගණිතය, සිංහල, ඉංග්‍රිසි ඇතුළු සියලුම විෂයයන් සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට නියමිතයි.
2021 වර්ෂයෙන් පසු දකුණු පළාත් සභාව මඟින් ගුරුවරුන් බඳවාගෙන නොමැත.

