ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩසටහන අත්කරගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය බවත් ඒ මඟින් සාර්ථක ප්‍රගතියක් ලබමින් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පවසනවා.
අද (21) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පවසා තිබෙනවා.
මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලනාධිකාරිය සහ විධායක මණ්ඩලය මගින් ඉදිරියේදී අනුමත කළ යුතුය.
විධායක මණ්ඩල එකඟතාවය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 337කට හිමිකම් ලැබෙයි.
එය විස්තීර්ණ ණය පහසුකමේ තෙවැනි වාරිකය වෙයි.
අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත වැටුණු බවත්, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බව මාධ්‍ය හමුවට එක් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සඳහන් කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2023 මාර්තු මාසයේදී විස්තීර්ණ ණය පහසුකම අනුමත කළ අතර එමගින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක් අනුමත විය.

