Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කලක් නිහඬව සිටි මෛත්‍රී පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන හෙළිදරව්වකට සැරසෙයි

3 years ago

පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුදැයි තමන් දන්නා බවත්, අධිකරණය ඉල්ලා සිටින්නේ නම් එය හෙළි කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අද (22) මහනුවරදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළා.

“පාස්කු ප්‍රහාරයත් අපි දන්නවා කොහෙන්ද සිද්ධ වුණේ කියලා. මම අල්ලපු අය තමයි ඔක්කොම ඔය නඩු අහන්නේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් මඟින්. පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුද කියල තවම කිසි කෙනෙක් කියල නැහැ, හැබැයි ඒක මම දන්නවා කවුද කළේ කියල. අධිකරණයෙන් නියෝගයක් කළොත් මම ලෑස්තියි ඒක කියන්න, එය ඉතාම රහසිගතව තබා ගැනීම විනිශ්චයකාරවරුන්ගේ වගකීමක් ”