Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත අඩියටම වැටෙයි! නවතම ජනමත සමීක්ෂණයකින් එළියට ආ අලුත්ම තොරතුරු මෙන්න!

3 years ago

වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය මෙරට ජනතාවගෙන් සියයට 85 අනුමත නොකරන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශයට පත් කළ රට හිතන හැටි නවතම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී පහළ ගොස් තිබෙන බව රට හිතන හැටි නවතම සමීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

ඔක්තෝබර් මාසයේදී සියයට 9 ක් වූ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පෙබරවාරි මාසයේදී සියයට 7 ක් දක්වා පහළ වැටී ඇති බව එම සමීක්ෂණයේ නවතම වාර්තාවෙන් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

මෙරට ආර්ථිකය දුර්වල තත්ත්වයක පවතින බව සියයට 91 ක ජනතාවගේ අදහස බව රට හිතන හැටි නවතම සමීක්ෂණ වාර්තාවෙන් හෙළි වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

එසේම සියයට 90 ක ප්‍රතිශතයක් රටේ ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින බවට එම සමීක්ෂණයේදී අදහස් දක්වා ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

රටේ ආර්ථිකය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක තිබෙන බවට අදහස් දක්වා ඇත්තේ සියයට 9 ක ප්‍රතිශතයක් පමණක් බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.