Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිඳට පිළිකාවක්! කේට් කුමරියම සිය අසනීපය සම්බන්ධයෙන් මාධ්‍යයට හෙළි කරයි!

3 years ago

වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන්ට පිළිකා රෝගය වැළැඳී ඇති බව විදෙස් පුවත් ඒජන්සි වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඇය මේ වන කිමෝ තෙරපි ප්‍රතිකාරය සඳහා යොමුව සිටින බවයි.

පීපල්-නම් නාලිකාවක වීඩියෝවකට පෙනී සිටිමින් මේ බව ඇය විසින්ම පවසනවා.

පසුගිය ජනවාරියේ ඇය උදරයේ සැත්කමකට භාජනය විය.

පසුගිය මාස කිහිපය පුරාම ඇය අප්‍රසිද්ධ ජීවිතයක් ගත කළේය.

ඇය 42 වන වියේ පසුවන අතර එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිඳ වන අතර ඔවුන්ට දරු තිදෙනෙක්ද සිටිනවා.

මේ අතර පසුගිය දා වාර්තා වූයේ බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුද පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවයි.