Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුසියාවේ අගනුවරට බිහිසුණු ත්‍රස්ත්‍ර ප්‍රහාරයක්! විශාල පිරිසක් මිය යයි!

3 years ago

රුසියාවේ මොස්කව්හි Crocus City ප්‍රසංග ශාලාවේ පැවති නර්තන ප්‍රසංගයක් අතරතුර වෙඩි තැබීමක් සහ මාරාන්තික ප්‍රහාරයක් සිදුව තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් 40කට අධික පිරිසක් මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රහාරයත් සමග ප්‍රදේශයම කළු දුමාරයෙන් වැසී ගොස් ඇති අතර අනතුරට ලක්වූවන් මුදවා ගැනීමටද අසීරු වී තිබෙනවා.

රුසියානු ප්‍රවෘත්ති වාර්තා පැවසුවේ මෙම ප්‍රහාරකයන් දැවැන්ත ගින්නක් ඇති කරමින් පුපුරණ ද්‍රව්‍ය විශාල වශයෙන් භාවිතා කළ බවයි.

කැලෑ සටන් ඇඳුම් ඇඳගත් සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබමින් එම ශාලාවට ඇතුළ්වන අයුරු දැක්වෙන වීඩියෝ මේ වනවිට සමාජ මාධ්‍ය සංසරණය වෙයි.