හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්අඩංගුවට ගන්න ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඒ, පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන්.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ, අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවයි.
එය රහසිගතව තබා ගත යුතු කාරණයක් නොවන බවත් රටේ ජනතාව දැනගත යුතු කරුණක් බවත් කාවින්ද ජයවර්ධන මහතා අවධාරණය කරනවා.
