Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැසි සහිත කාලගුණය නිමාවන දිනය පිළිබඳව දැනුම්දීමක්

3 years ago

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ලබන 27 වැනිදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක සඳහන් කළේ, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකි බවයි.

මේ අතර අද (24) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.