Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුන් ලක්ෂ 16කගේ මාපියන්ට හෙට සිට සහනයක්

3 years ago

හෙට සිට පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සියලු දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පෝෂණවේදීන්ගේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් උදෑසන 7.30 ත් 8.30 ත් අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබාදීමට තීරණය කර ඇත්තේ.

ඊට රජය වැය කරන මුදල රුපියල් බිලියන 16.6කි.

එම ආහාර වේල පෝෂණීය හා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් හා සිසුන් 100ට අඩු පාසල්වල සියලුම සිසුන්ද ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම වැඩසටහනෙන් සිසුන් මිලියන 1.6ක් ප්‍රතිලාභීන් වන බව සඳහන්.

මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර තිබෙනවා.