Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද සවස හා රාත්‍රියේ තද වැසි ලැබෙන දිස්ත්‍රික්ක මෙන්න

3 years ago

අද(24) පස්වරුවේ රත්නපුර, කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ට වඩා වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, නැගෙනහිර සහ ඌව පළාත්වලටත්, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.