Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුසියාවේ අද ශෝක දිනයක්! ප්‍රහාරය හෙළා දකිමින් ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් සටහනක්!

3 years ago

පුද්ගලයින් 133 දෙනෙකුට මරු කැඳවමින්, තවත් පුද්ගලයින් සියයකට පිරිසකට තුවාල සිදු කරමින් රුසියාවේ රඟහලකට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් අද (24) දිනය තුළ රුසියාවට ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ පිහිටි ක්‍රෝකස් නගර ශාලාවේ පැවැති සංගීත ප්‍රසංගයට ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී රඟහල තුළ සිට ඇති පිරිස 6,200කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රහාරයේ වගකීම වගකීම ඉස්ලාමීය රාජ්‍යය හෙවත් IS සංවිධානය භාරගෙන තිබුණි.

මේ අතර රුසියාවේ මොස්කව් නුවරට පසුගිය දා ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ බියගුළු ප්‍රහාරය තරයේ හෙළාදකින බවත් ඉන් ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ සියලුම දෙනා වෙනුවෙන් ශෝකය සහ කණගාටුව ප්‍රකාශ කරන බවත් ආරක්ෂක රාජ්‍යය අමාත්‍යය ප්‍රමිත බණ්ඩාර තෙන්න⁣කෝන් මහතා පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ රුසියාවේ මොස්කව් නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් එවැනි බියගුලු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සිදු වන්නේ සාමය අස්ථාවර කර භීතිය වැපිරීම පමණක් බවයි.

එමෙන්ම විපතට පත් වූවන් සහ ඔවුන්ගේ පවුල් වෙත තම ශෝකය සහ කණගාටුව පළකරන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ලෝකයේ ත්‍රස්තවාදයට කිසිදු ආකාරයක ඉඩක් නොතැබිය යුතු බවයි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සිය X ගිණුමේ තැබූ සටහන පහතින්.