Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශ්‍රාමික ගුරුවරුන් යළි සේවයට කැඳවයි! හිමිවන වැටුප මෙන්න!

3 years ago

ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟයට පිළියමක් වශයෙන් විශ්‍රාමික ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් වසර තුනක කාලයක් සඳහා බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම ගුරුවරුන් හය ශ්‍රේණියේ සිට එකොළොස් වැනි ශ්‍රේණිය දක්වා පන්ති සඳහා යෙදවීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම ජාතික හා පළාත් පාසල් ආවරණය වන පරිදි අවශ්‍යතාවය පිළිබඳ වාර්තාවක් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

එම තොරතුරු ලද පසු බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ.

එලෙස බඳවාගන්නා ගුරුවරුන්ට විශ්‍රාම ලබන අවස්ථාවේ ලබමින් සිටි වැටුපට අමතරව ජීවන වියදම් දීමනාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ එම ගුරුවරුන් මැයි මාසයට පෙර බඳවාගැනීමට සැලසුම් කර ඇති බවයි.