කුරුවිට, දුම්රිය පාරේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණ එහි සිටින කාන්තාවක බලහත්කාරයෙන් පැහැරගැනීමට තැත් කළ චෝදනාවට පොලිස් බුද්ධි අංශයේ කොස්තාපල්වරයකු කුරුවිට පොලිසිය පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාන්තාවක් පැහැරගෙන යාමට තැත්කරන බව පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද තොරතුරක් මත එහි ගිය පොලිස් කණ්ඩායමක් චෝදනාවට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා සහ ඔහු සමග සිටි බහුකාර්ය දෙපාර්තමේන්තුවෙන් පොලිසියට අනුයුක්ත කළ අයකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
සිරිපාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.
කෙසේවෙතත්, සැකකරුවන් රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපමත මුදා හැර තිබුණා.
මේ අතර, පොලිස් විශේෂ කාර්යංශයේ අධ්‍යක්ෂකවරයා විසින් අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමටද පියවර ගෙන තිබෙනවා. (source – news19)

