ගුරු වැටුප් විෂමතාවය සඳහා විසඳුමක් ලබා නොදුනහොත් සමස්ත පාසැල් පද්ධතිය ඒකාබද්ධ කරගනිමින් දැවැන්ත ක්‍රියාමාර්ගයකට යාමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.
ගුරු වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද(25) මුදල් අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළා.
එම සාකච්ඡාවේදී ගුරු වැටුප් විෂමතාවයේ ඉතිරි 2/3ක කොටස ලබාගැනීම, විභාග ඇගයීම් ගාස්තු වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

