පාසල් පෙළ පොත් කොටස් 3කට වෙන් කර ඉගැන්වීම හරහා පොත් බෑගයේ බර 3න් 2කින් අඩුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ බදුල්ලේදී ඌව පළාතේ පාසල්වල විදුහල්පතිවරුන් අමතමින්.
“මොඩියුල ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය සමඟ කටයුතු කරනවා. වාර දෙකක් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා බලනවා. බලනවා 2025 සම්පූර්ණයෙන් මේක කරන්න. දැනට තියෙන පෙළපොත සමහරවිට තුනට කැඩෙයි ලබන සැරේ. එතකොට පොත් බෑග් එකේ බර තුනෙන් දෙකකින් අඩුවෙනවා. මොඩියුල් සිස්ටම් එක එනකොට ආපහු වෙන පොතක් නෑ. වැඩ පොත වගේම ඒක පාවිච්චි වෙනවා. හැම මොඩියුල් එකක් ඉවර වෙද්දිම අභ්‍යාසයක් තියෙනවා. දරුවා මොඩියුල් එක තේරුම් ගත්තද නැද්ද කියලා අභ්‍යාසයෙන් තීරණයක් ගන්න ගුරුවරයට පුළුවන් වෙනවා.”

