එළඹෙන 29 වැනිදාට යෙදෙන මහ සිකුරාදා දිනය සහ 31 වැනිදාට යෙදෙන පාස්කු ඉරිදා දේව මෙහෙය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සියලුම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව දේව මෙහෙයන් ආරම්භ කිමට ප්‍රථමයෙන් එම පරිශ්‍රයන් බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි යම් පරීක්ෂාවකට ලක් කිරීම, දේව මෙහෙයන් සඳහා පැමිණෙන පුද්ගලයින් හා ගමන් මළු පරීක්ෂාවකට ලකිරීම මෙම ආරක්ෂක සැලැස්ම යටතේ සිදුකෙරේ.
එසේම බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙන දේවස්ථාන තෝරාගෙන ඒවා වෙත ගොස් පාස්කු උත්සවය වෙනුවෙන් සිදුකරන දේවමෙහෙයන්ට අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳව පෞද්ගලිකවම සොයාබලන ලෙසටද එමගින් උපදෙස් ලබාදී ඇත.
මෙම ආරක්ෂක සැලැස්ම යටතේ දේව මෙහෙයන් ආරම්භ කිරිමට ප්‍රථමයෙන් එම පරිශ්‍රයන් බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි යම් පරීක්ෂාවකට ලක් කිරීම, දේව මෙහෙයන් සඳහා පැමිණෙන පුද්ගලයින් හා ගමන් මළු පරීක්ෂාවකට ලකිරීමට අවශ්‍ය නම් පියතුමන්ලා සහ එම දේවස්ථානවල භාරකාර මණ්ඩල සමග සාකච්ඡා කොට ඒ සඳහා සුදුසු පරිදි ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කිරිමටද පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ත්‍රිවිධ හමුදා කඳවුරු භාර නිලධාරීන් සමග සාකච්ඡා කර ඔවුන්ගේද සහාය ලබාගැනීමට ක්‍රියා කරන ලෙසටත් උපදෙස් ලබාදී තිබේ.
