Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය ගීත රැසක් ගී ලොවට දායාද කළ ප්‍රවීණ ගායන ශිල්පියෙකු දිවි සැරිය නිම කරයි

3 years ago

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ රෝගී තත්ත්වයෙන් රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි.

මිය යන විට ඒ මහතා 76 වන වියේ පසුවිය.

ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි හා හිතේ සතුට ජීවිතයේ වැනි රසික හදවත් පිනවූ ගීත බොහෝමයක් එතුමා විසින් ගී ලොවට දායාද කරනු ලැබිණි.

පවුලේ ඥාතීන් පවසන්නේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දීමට නියමිත බවයි.