දීර්ඝ කාලයක් ගත වුවද විභාගය අවසන් නොවූ පොලිස් නිලධාරීන්ගේ එරෙහි විනය පරීක්ෂණ කඩිනමින් අවසන් කිරීමට පොලිස් මුලස්‌ථානය තීරණය කර තිබේ.
පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් පවතින විනය පරීක්ෂණ අවසන් නොවීම හේතුවෙන් ඇතැම් විශ්‍රාමික පොලිස් නිලධාරීන්ට විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි තත්ත්වයන් මෙන්ම සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ට උසස් වීම් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් ද ඇති වී ඇති බව වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
මෙම විනය පරීක්ෂණ කඩිනම් කිරීමේ වගකීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වෙත පවරා තිබේ.
ඒ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදිය.
සුළු අතපසුවීම්වලට පවා ඇතැම් පොලිස් නිලධාරීන්ට චෝදනා පත්‍ර ලබාදීම හේතුවෙන් උසස්වීම් හා විශ්‍රාම වැටුප් අහිමිව කලකිරීමට පත්වූ නිලධාරීන් විශාල පිරිසක් සිටින බව ද හෙළිවී තිබේ.

