Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තමාම එලන ලද මාළු දැලේ පැටලී තරුණයෙක් ජීවිතක්ෂයට

3 years ago

වාලච්චේන පුනානි වැවේ මසුන් ඇල්ලීමට ගිය 23 හැවිරිදි තරුණයකු ඔහු විසින්ම එලන ලද මාළු දැලක පැටලී දියේ ගිලී මිය ගොස් ඇතැයි වාලචේන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පුනානි මයිල තැන්න ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බව පොලිසිය කියයි.

අසනීප තත්ත්වයකින් පෙළෙන මෙම තරුණයා ස්ථිර රැකියාවක් නොමැති බවත්, ඔහුු මාළු දැලක්ද රැගෙන පුනානි වැවේ මාළු ඇල්ලීමට ගොස් සිටියදීඔහු විසින්ම රැගෙන ගිය මාළු දැලේ පැටලී දිය ගිලී මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා වාලච්චේන රෝහලේ නැත්පත් කර ඇති අතර, වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.