Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාර්තු 28 වනදා පාසල් වැසී යාමේ අවදානමක්! ගුරු සංගම් කිහිපයක් අසනීප නිවාඩු වාර්තා කිරීමට සැරසෙයි!

3 years ago

ගුරු-විදුහල්පති,ගුරු උපදේශක සේවාවන්හී පවතින වැටුප් විෂමතාවයෙන් ඉතිරි තුනෙන් දෙක එකවර ලබා ගැනීම සහ ගුරු-විදුහල්පති සේවාවන් හී පවතින කාලීන වෘත්තීය ගැටලුවලට විසදුම් ලබා ගැනීමේ අරමුණෙන් එළඹෙන මාර්තු 28 දින දීපව්‍යාප්ත අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට ගුරු සංගම් කිහිපයක් තීරණය කර තිබෙනවා.

දිගින් දිගටම අධ්‍යාපන අමාත්‍යාංශයට සිය ඉල්ලීම් ඉදිරිපත් කළද සාධනීය පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි ඔවුන් පවසන්නේ.

වෘත්තීය ක්‍රියාමාර්ගය ගනු ලබන ගුරුවරුන් වෙනුවෙන් තමන් විසින් රැකවරණය ලබා දෙන බව ‘ජාතික ගුරු බලය’ සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එමෙන්ම පහත සදහන් වෘත්තීය සංගම්ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය වෙනුවෙන් සහය දක්වන බවයි ඔවුන් පවසන්නේ.
පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය
පුහුණු විද්‍යාපීඨ උපාධිධාරී සංගමය
ජාතික ශ්‍රේණිධාරී විදුහල්පති සංගමය
සමස්ත ලංකා විද්‍යා උපාධිධාරි ගුරු සංගමය
ස්වාධීන ගුරු උපදේශක සංගමය
විශේෂ අධ්‍යාපන වෘත්තික සංගමය