Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බොරැල්ලේ ගොඩනැගිල්ලක 14 වන මහලින් වැටී පුද්ගලයෙක් මරුට

3 years ago

බොරැල්ල ඩි.එස් සේනානායක මාවතේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක 14 වන මහලින් පහළට වැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ, පදවිය බෝගස්වැව අරුණගම අංක 63 ලිපිනයේ පදිංචිව සිටි 24 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා තට්ටු 18 කින් යුත් ඉඳිකරමින් පවතින නිවසේ 14 වෙනි මහලේ පෙදෙරේරුවකු සඳහා අත් උදව් දෙමින් සිටියදී පය ලිස්සා පහළට වැටී මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරින් බරපතල ලද පුද්ගලයා ඒ මොහොතේම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර වෛද්‍යවරුන් පරික්ෂා කර බලා ඔහු මියගොස් ඇති බවට දැනුම් දී ඇත.