Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකාවට පැමිණෙමින් තිබූ නැවක් පාලමක ගැටී බිහිසුණු අනතුරක්! කි.මී 2.5ක් දිග පාලම කැඩී වාහන කිහිපයක් ගඟට වැටිලා!

3 years ago

සිංගප්පූරු ධජය යටතේ ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටි විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකාවේ බැල්ටිමෝර් ප්‍රදේශයේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටීම හේතුවෙන් අද (26) අලුයම එම පාලම කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඩාලි නම් එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව අද (26) අලුයම 1.30 ට පමණ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ එක් කණුවක ගැටීම හේතුවෙන් කිලෝ මීටර 2.5 ක් දිග පාලම පැටප්ස්කෝ ගංගාවට කඩා වැටී ඇත.

ඩාලි නෞකාව පාලමේ ගැටෙන මොහොතේ මෝටර් රථ සැලකිය යුතු ප්‍රමාණයක් පාලම මත ගමන් කරමින් තිබී ඇති බවත් පාලම කඩා වැටීම හේතුවෙන් මෝටර් රථ 7ක් ගංගාවට වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසන්නේ 20 දෙනෙක් පමණ ගඟට වැටී ඇතැයි අනුමාන කරන බවයි.

ගඟට වැටී සිටි දෙදෙනෙක් සහන කණ්ඩායම් විසින් බේරාගෙන තිබුණු අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.

තවත් 7 දෙනෙක් ගිලුණු වාහන තුළ සිටිතැයි අනුමාන කෙරෙන අතර සොනාර් තාක්ෂණය භාවිතයෙන් ඒ බව සහන කණ්ඩායම් විසින් තහවුරු කරගෙන තිබේ.

මේ අතර නැවේ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදුව නොමැති බව වාර්තා වෙයි.