Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය ගායන ශිල්පී සනුක වික්‍රමසිංහට හා වින්ඩි ගුණතිලකි ඉන්දියාවේදී ‘එඩිසන්’ සම්මානයෙන් පිදුම් ලබයි

3 years ago

ඉන්දියාවේ පැවැති කීර්තිමත් එඩිසන් සම්මාන උලෙළේදී 2023 වසරේ සංවේදී ගීතය සම්මානයෙන් ශ්‍රී ලාංකික සංගීතවේදීන් වන වින්ඩි ගුණතිලක සහ සනුක වික්‍රමසිංහ පිදුම් ලැබීය.

ඔවුන් දෙදෙනා 2022 දී නිකුත් කරන ලද “අයියෝ සාමි” යන ආකර්ශනීය ගීතය මෙම සම්මානය හිමිවීමට හේතුව වී ඇත.

ඔවුන්ගේ අද්විතීය කුසලතා සහ නිර්මාණශීලිත්වය සමඟින්, වින්ඩි සහ සනුක සංගීත ක්ෂේත්‍රයේ සැළකිව යුතු රැල්ලක් ඇති කර ඇති අතර, ඔවුන්ගේ මියුරු රචනා සහ ආත්මීය ප්‍රසංගවලින් ලොව පුරා ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ඇත.

2009 වසරේ ආරම්භයේ සිට දෙමළ චිත්‍රපට කර්මාන්තයේ ගෞරවනීය වාර්ෂික උත්සවයක් වන එඩිසන් සම්මාන උළෙල, සංගීතය සහ සිනමාවේ විශිෂ්ට ජයග්‍රහණ හඳුනාගැනීමට සහ සැමරීමට වේදිකාවක් ලෙස කටයුතු කරයි.