Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්! පාසල් දැරියන්ට හා දෙමාපියන්ට දැනුම්දීමක්!

3 years ago

එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

පාසල් දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින දැරියන් වෙත ඒ සදහා අවස්ථා සැලසේ.

ඒ අනුව දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ හදුනාගත් දරිද්‍රතාව සහිත පාසල්වල ලක්ෂ අ‍ටකට රුපියල් 1200ක වටිනාකමකින් යුත් වවුචර්පත් පිරිනැමීමට නියමිත බවයි පැවසෙන්නේ.

මේ සඳහා රජය විසින් වැය කිරීමට අපේක්ෂිත ප්‍රතිපාදනය රුපියල් බිලියනයකි.