අලව්ව ප්‍රදේශයේ, වලකුඹුර ප්‍රදේශයේ අද (මාර්තු 27) සවස මා ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව් දෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, සිසුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මා ඔයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බ වය.
දියේ ගිලුණු එක් සිසුවෙකු මුදාගෙන ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ, පොල්ගහවෙල සහ අලව්ව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 14ක් පමණ වන දරුවන් බව පොලිසිය පැවසීය.
මෘත ශරීර පොල්ගහවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අලව්ව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

