කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරිගණක අපරාධ කොට්ඨාසයෙන් චෝදනා ගොනු කර ඇති ප්‍රවීණ රංගනවේදිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ගොනු කර ඇති අපේක්ෂිත ඇප ඉල්ලිම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (27) ප්‍රතික්ෂේප කළේය.
සිය අපේක්ෂිත ඇපය ඉල්ලමින් තමන් මෙරට ප්‍රවීණ නිළියක වන බවත් දේශපාලනයේ නිරත බවත් කියමින් අපකීර්තියක් ඇති කිරිමට උත්සාහ දරා ඇතැයි කියා සිටීම ප්‍රතික්ෂේප කරන බව තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ නියෝගයේ දක්වා ඇත.
එසේම ඔවුන් දෙදෙනාට අදාළව පරිගණක අපරාධ කොට්ඨාසය විසින් කරන ලද විමර්ශනය එවැනි චේතනාවකින් සිදු කර නැති බව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුගේ තීන්දුවේ දක්වා ඇති අතර නිසි පරිදි විමර්ශන සඳහා සහාය නොදැක්වීම, අධිකරණය මග හැර සිටීම, පවතින නඩු තිබීම සහ ආගමන විගමන පනත යටතේ ඇප ලබාදීමට මෙම අධිකරණයට අධිකරණ බලයක් නොමැතිවීම යන කරුණු මහේස්ත්‍රාත්වරයා නියෝගය ඉදිරිපත් කරමින් දක්වා තිබේ.
ඔවුන් දෙදෙනා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලිම ප්‍රතික්ෂේප කළේය.
කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වංචා කළ බවට දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට චෝදනා ඉදිරිපත් කර තිබේ.
මේ අතර රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියාව අත්අඩංගුවට ගැනීම සඳහා CID විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (27) රාත්‍රී ඔවුන්ගේ නිවස වෙත ගොස් තිබෙනවා.
නමුත් ඒ වන විටත් ඔවුන් නිවසින් පලාගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

