Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ ආයතනයකින් අමුතු ගණන් හැදිල්ලක්! හතර දෙනෙකුගෙන් යුත් පවුලක මූලික අවශ්‍යතා සඳහා මසකට 68,000ක් ප්‍රමාණවත් බව හෙළි වෙයි!

3 years ago

නිල දරිද්‍රතා රේඛාව අනුව එක් පුද්ගලයෙකුගේ මාසික වියදම ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙරට පුද්ගලයෙකුට දරිද්‍රතාවයෙන් මිදී අවම මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නම් මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය වනවා.

හතර දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට පමණක් මසකට රුපියල් 68,056ක ආදායමක් අවශ්‍යයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එහි අගය 16,524ක් ලෙස සටහන්වී තිබුණි.

එක් පුද්ගලයෙකුට තම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මසකට වැය වන මුදල දිස්ත්‍රික් මට්ටමින් ගණන් බලා ඇති අතර වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන පුද්ගලයින්ට බවද එහි සඳහන් ය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඒක පුද්ගල මාසික වියදම රුපියල් 18,350කි.