Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මියගිය පුද්ගලයෙකුගේ පෙනහැල්ලෙන් දතක් හමුවෙයි

3 years ago

බලන්ගොඩ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ ඊයේ (27) පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයකදී පුද්ගලයකුගේ පෙණහල්ලේ තිබී දතක් හමුවී තිබෙනවා.

බලන්ගොඩ – පින්නවල පොලිස් බල ප්‍රදේශයේ වලේබොඩ පදිංචි එස්. කරුණාරත්න නමැති 59 හැවිරිදි පුද්ගලයෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් එලෙස සිදුකර ඇති බව සඳහන්.

එම පුද්ගලයා කලක සිට නිව්මෝනියා සහ වකුගඩු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිටි අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

මරණකරු මත්පැන් පානයට ඇබ්බැහි වූවෙකු බවත්, නිව්මෝනියාව උත්සන්නවීම හේතුවෙන් මරණය සිදුවී ඇති බවත් වාර්තා වනවා.

මීට වසර කිහිපයකට පෙර ඔහුගේ මුඛයේ දතක් ගැලවී ගොස් මෙලෙස පෙණහැල්ලේ සිරවන්නට ඇති බවටයි සැක පළකරන්නේ.